ඔබේ දෙතොල් පෙති ලිහී -පිපුණු හසරැල් විලේ
හද දියව ගලා යයි -රැළිලමින්සැලි සැලී
මෙවන් සුව පෙර නොවිඳි -තුන් සිතම සලිත වෙයි
සසර සැරි සරන තෙක් -ඔබ මගේ.. ඔබ මගේ
හිරු නිවී මුහුදු තෙර -රාත්‍රිය එලඹිලා
තරු කඩා වැටෙන විට -අහස් ගඟ කලඹලා
මට බලා ඉන්න බෑ -ඔබේ නුවන් පෙනෙනවා
සසර සැරි සරන තෙක් -ඔබ මගේ...ඔබ මගේ
නා ගසක් දලු දමා -වසන්තය එලඹිලා
මද පවන් රැල් වැදී -සැලෙන විට කැලඹිලා
මට බලා ඉන්න බෑ -දෙතොල් ඔබේ පෙනෙනවා
සසර සැරි සරන තෙක් -ඔබ මගේ...ඔබ මගේ
යුග ගණන් පැමිණි මඟ -පැටලිලා වැරදිලා
ඔබ මගෙන් වෙන්ව ගිය -ලකුණු ඇති මාවතේ
මට බලා ඉන්න බෑ -පෙර ඇසුර හැඟෙනවා
සසර සැරි සරන තෙක් -ඔබ මගේ...ඔබ මගේ
අහස් තල පොලෝ තල -ඔබට මට පොදු වෙලා
හදවතින් එක් වුවත් -ගතින් දෙදෙනෙකු වෙලා
මට බලා ඉන්න බෑ -සියොලඟම තැවෙනවා
සසර සැරි සරන තෙක් -ඔබ මගේ...ඔබ මගේ
හද දියව ගලා යයි -රැළිලමින්සැලි සැලී
මෙවන් සුව පෙර නොවිඳි -තුන් සිතම සලිත වෙයි
සසර සැරි සරන තෙක් -ඔබ මගේ.. ඔබ මගේ
හිරු නිවී මුහුදු තෙර -රාත්‍රිය එලඹිලා
තරු කඩා වැටෙන විට -අහස් ගඟ කලඹලා
මට බලා ඉන්න බෑ -ඔබේ නුවන් පෙනෙනවා
සසර සැරි සරන තෙක් -ඔබ මගේ...ඔබ මගේ
නා ගසක් දලු දමා -වසන්තය එලඹිලා
මද පවන් රැල් වැදී -සැලෙන විට කැලඹිලා
මට බලා ඉන්න බෑ -දෙතොල් ඔබේ පෙනෙනවා
සසර සැරි සරන තෙක් -ඔබ මගේ...ඔබ මගේ
යුග ගණන් පැමිණි මඟ -පැටලිලා වැරදිලා
ඔබ මගෙන් වෙන්ව ගිය -ලකුණු ඇති මාවතේ
මට බලා ඉන්න බෑ -පෙර ඇසුර හැඟෙනවා
සසර සැරි සරන තෙක් -ඔබ මගේ...ඔබ මගේ
අහස් තල පොලෝ තල -ඔබට මට පොදු වෙලා
හදවතින් එක් වුවත් -ගතින් දෙදෙනෙකු වෙලා
මට බලා ඉන්න බෑ -සියොලඟම තැවෙනවා
සසර සැරි සරන තෙක් -ඔබ මගේ...ඔබ මගේ
Artist - Victor Rathnayake
No comments:
Post a Comment