අහස සේ ඔබ අනන්තයි
සයුර සේ ඔබ අනන්තයි
මේ විශ්වයේ මා දකින්නේ
ඔබමැ පමණයි.. ඔබ අනන්තයි...
වෙණ තතක් හැඬවෙන තැනක් ඔබ,
මධු විතක් උතුරන තැනක් ඔබ,
තෙලි තුඩක් දැවටෙන තැනක් ඔබ,
පන්හිඳක් ගැවසෙන තැනක් ඔබ...
අඩ සඳත් සැඟවෙන තැනත් ඔබ
රළ පෙලත් පෙරළෙන තැනත් ඔබ
සිසිලසක් දනවන තැනත් ඔබ
උණුසුමක් ගෙන එන තැනත් ඔබ...
Artist - Nanda Malini
No comments:
Post a Comment