Wednesday, June 13, 2012

ඇස ගැටෙනා දස දහසක් නෙතු මත...


ඇස ගැටෙනා දස දහසක් නෙතු මත
ඔබෙ දෑසම මා සෙවු තරම්  //
ඒ නෙතු කිසි දින මා සතු නොව බව
දැන දැන මා පෙම් කෙරූ තරම්  //
ඔබ නොදනී මුලු  ලොවම දනී  //

ඔබෙ දෑස් මතින් මා පැතු පැතුම්
ඔබ නෙතු මගෙමයි පිරු පෙරුම්  //
ඒ පැතු පැතුමන් ඒ පිරු පෙරුමන්
කඳුලැල්ලක් වී ගැලු තරම්
ඔබ නොදනී මුලු  ලොවම දනී //

ඔය නෙතු දැහැනේ සම වැදී මෙමා
ඔය නෙතු තුල මා සිතු සිතුම්  //
බොඳ වු සිතුවම් බිඳුනු හසරැල්
සොවින් මා ඒ හෙලු සුසුම්
ඔබ නොදනී මුලු  ලොවම දනී  //



Artist - Shihan Mihiranga

No comments:

Post a Comment