මතු පෙම් පුරන නෙතු කැල්මන් සලන
ඉගි සිත්තම් කරන ලෙසිනා
නිසසල නිල් විලක මුදු පියුමක් විලස
හදවත් සුව දෙනා....
ලං ලං වේද වෙන් වෙන් වේද පෙම් සිත් පෑරිලා
සංසාරේම අත්වේ ද පෙම් සිත් පෑහිලා....
අප සිත් දවන හදගැස්මන් හැදින
දුර යන්නයි පැතුම් පෙමිනා
ලද හිස් කමට දුක කැන්දන් හොවන
පෙම කවුරුන් හදුනනා...
නෙතු කදුලු බිදක සුසම් විමසනා
මුදු කොපුල් සිබින සියුම් හැගුමිනා
සිත බිදක් නිවන වදන් පතමිනා
අති උතුම් පෙමක පැතුම් පිබිදෙනා...
මතු පෙම් පුරන නෙතු කැල්මන් සලන
ඉගි සිත්තම් කරන ලෙසිනා
නිසසල නිල් විලක මුදු පියුමක් විලස
හදවත් සුව දෙනා..
කදු මුදුන් පිසින පවන් විලසිනා
හද හැගුම් වලද පැතුම් ගැවසෙනා
තරු නෙතක් මවන දසුන් සුවදෙනා
සිත පෙම්න් වෙලෙන තරම් නොදනිනා...
මතු පෙම් පුරන නෙතු කැල්මන් සලන
ඉගි සිත්තම් කරන ලෙසිනා
නිසසල නිල් විලක මුදු පියුමක් විලස
හදවත් සුව දෙනා
හද සොයමි සොදුරු නවාතැනක්
අපට පෑහෙනා
Teledrama - Upuli
Thank u upeksha akki for sending the song... :D
ReplyDelete