Thursday, May 24, 2012
ඉගිලෙන්න ඔබ එක්ක ආකාසේ...
ඉගිලෙන්න ඔබ එක්ක ආකාසේ
විදගන්න ඒ සිසිල මා සිත්සේ
මට දෙන්න ඒ වරම කවදාද ඔබ එන්නෙ පිනි බින්දු මල් වැහි අරන්
සද මිතුරි සිත මිහිරි කල මැනවි
බිදු කදුලු පිනි පොකුරු කල මැනවි...
මට මම ම වී ඉන්න ලොකෙන් ඉඩක් නොදෙන
ඈතට වෙලා අපිම අපි වී ඉතින්
නව ලොවට මුල් අනු දෙන්න
මිල නොවන පෙම් කවිය පබඳින්න
පිනි වැස්ස වස්සන්න මද්දහන තෙත් වෙන්න
ආදරය දලුලන්න මිහිකත මතින්
සිහිනේ සරනා කිරණින් දැවෙනා..
ජීවිතය විදගන්න ලොකෙන් ඉඩක් නොදෙන
ඈතට වෙලා තෙමෙමු පිනි වැහි පොදින්
ප්‍රේමයට ප්‍රේමය වෙන්න
නිල නොවන ජිවිතය පුබුදන්න
පිනි වැස්ස වස්සන්න මද්දහන තෙත් වෙන්න
ආදරය දලුලන්න මිහිකත මතින්
සිහිනේ සරනා කිරණින් දැවෙනා..
Artist - Kasun Kalhara
Labels:
Sinhala
Subscribe to:
Post Comments (Atom)
No comments:
Post a Comment