හිනා වෙන්න බැරි තරමට
හඩාගන්න බැරි තරමට
කතා කියන තරු දෑසට
ලියා දෙන්න මදි අහසම
නුඹේ නමින් මගේ හිතේ
තැනූ මාලිගා...මැවෙන ගීතිකා...
දෙතොල නම් ගොලුයි
මුව කමල මල් සමයි
හිතට නෙතට සුවද ගෙන ගියා
නුඹ රහසින් ඇවිත්
මගේ ලොවම හීනයක් කලා...
අහස නම් දුරයි
සද නේන වග සැබැයි
සදට රැයට තරුවලට හොරා
නුඹ නොකියා ගිහින්
මගේ පාළු දෙනෙත බොද කලා...
Artist - Dhammika Ekanayake and Uresha Ravihari
Artist - Dhammika Ekanayake and Uresha Ravihari
No comments:
Post a Comment