Friday, July 27, 2012

හිතුවෙවත් නැති දවසක...



හිතුවෙවත් නැති දවසක හිතන්නැතුවම ළංවුනා
අතීතයේ දුර ඈතක ආදරේ මග වැරදුණා//
අපි අපිම අද ආයෙම හමුවුණා ඒ පාරෙම//
අපි හමුවුනා ඒ පාරේම//

මල් යාය මැලවුණා
මල් දෙවැට හැඩිවුණා
සමනල්ලු ඉහ හැරුණු අත ගියා
අපි ආයේ නොයනා නිසා//

හිතුවෙවත් නැති දවසක...

නිල් අහස කලු වුණා
ඉකිගගහා වැලපුණා
කදුලින්ම පිරුණු වැව බොරවුනා
අපි නිතර ආවගිය තැන නිසා//

හිතුවෙවත් නැති දවසක...


Artist : Shalitha & Mahesh with Sanka



ස්නේහයේ නගරයයි සිත මගේ...



ස්නේහයේ නගරයයි සිත මගේ
මාවතක් හෝ නොවූ රාගයේ
වන්දනාවේ ගිහින් එන්න ආසයි මටත්
කොයි ඉසව්වේද මෙත් පුරේ

යෞවනේ නිල් නුවන් සේ රැඳී
රන් මලක් වේද හද සල් වනේ
නෙත් පහන් දල්වලා සිත් සඳුන් දුම් දවා
රන් සිනා පාමි පූජාසනේ

මේ නවාතැන් නිවා ආත්මයේ
යනතුරා මිලින වී මතු දිනේ
සෙනෙහසේ සිහිලමින් දොවන සේ යදිමි මං
පූජනීයයි උතුම් ආදරේ



Artist – Amarasiri peiris, niranjala sarojini

Monday, July 9, 2012

ඔබයි ඔබේ සිනා පොදයි ....


ඔබයි ඔබේ සිනා පොදයි
සෙනේහයෙන් අවදි කරයි උදෑසනින් මා
නිවයි මගේ හදේ සුසුම්
පවන් සලා කඳුළු වලින්
හඬා වැටෙමි මා...

දයා සිතින් නෙතු දැල්වී
ඔබ එනතුරු බලයි
හදේ නැගෙන සුසුම් වැදී
සිනා සඳක් ගලයි...

රැයේ ගලන අඳුර මැදින්
ඇගේ කටහඬ ගලයි
අපේ සිහින ලොව දෙදරා
ජීවිතයම හඬයි...


Artist - Sarath Weerasinghe

Saturday, July 7, 2012

දෙවැනි බුදුන් ලෙස...



දෙවැනි බුදුන් ලෙස ලොවම උවම් කල
ලොවක පිදුම් ලද ලොවට උතුම් ළඳ
අම්මා අම්මා අම්මා අම්මා

දෙසවන් සනහා මා නැළවූ ඔබ
මියුරු මියැසියේ අරුත කියාදුනි
ඒ මියැසිය අද මා ගයනා විට
මා සිප ගන්නට ඔබ මා ළඟ නැත
අම්මා අම්මා අම්මා අම්මා

ඇසට හඬන්නට කඳුළැලි දුන් ඔබ
ලතැවුල් දරනා දිරිය ලබා දුනි
ඒ දිරියෙන් ලොව ජය ලබනා විට
මා සිප ගන්නට ඔබ මා ළඟ නැත
අම්මා අම්මා අම්මා අම්මා




Artist : Sunil Edirisinghe

Friday, July 6, 2012

Jaane Kyoon Log Pyaar Karte Hain...



Jaane Kyoon Log Pyaar Karte Hain
Wonder why people fall in love
Jaane Kyoon Voh Kisi Pe Marte Hain
Wonder why they die for someone
Jaane Kyoon Jaane Kyoon ?
Wonder why , wonder why ?
Jaane Kyoon Jaane Kyoon Jaane Kyoon ?

Pyaar Mein Sochiye To Bas Gham Hai
Think about it , love has but sorrows
Pyar Mein Jo Sitam Bhi Ho Kam Hai
In love every effort is never enough
Pyar Mein Sar Jookana Padta Hai
In love one has to bow one's head
Dard Mein Muskurana Padta Hai
In pain you have to smile
Zaher Kyon Zindagi Mein Bharte Hain ?
Why do they mix this poison in their lives ?
Jaane Kyoon Log Pyaar Karte Hain
Wonder why people fall in love
Jaane Kyoon Jaane Kyoon ?
Wonder why , wonder why ?
Jaane Kyoon Jaane Kyoon Janne Kyoon?
Wonder why , wonder why ,wonder why?

Pyar Bin Jeene Mein Rakha Kya Hai
Without love what else is there in life ?
Pyar Jisko Nahin Woh Tanha Hai
The one who has no love is lonely
Pyar Sau Rang Le Ke Aata Hai
Love brings a hundred colors
Pyar Hi Zindagi Sajaata Hai
Love decorates life
Log Chup Chupke Pyaar Karte Hain
People in love meet furtively
Jaane Kyoon Saaf Kehte Darte Hai ?
Wonder why they are scared to say it outright ?
Jaane Kyoon Jaane Kyoon ?
Wonder why , wonder why ?
HO Jaane Kyoon Jaane Kyoon Janne Kyoon?
Wonder why , wonder why ,wonder why?

Pyaar Bekaar Ki Musibat Hai
love is a useless infliction

Pyaar Har Tarah Khoobsurat Hai
love is beautiful in every aspect

Oh Pyaar Se Hum Door Hi Achche !
oh from love we are better off staying far!

Are Pyar Ke Sab Roop Hai Sachche
every form of love is true

Oh Pyar Ke Ghaat Jo Utarte Hai
Oh , those who take the steps leading down to the river of love
Doobte Hai Na Woh Ubharte Hai
Neither do they sink , nor can they come out of it
Jaane Kyoon Jaane Kyoon ?
Wonder why , wonder why ?

Pyar To Khair Sabhi Karte Hain
all fall in love
Jaane Kyoon Aap Hi Mukarte Hain
Wonder why you are the only one who wont admit it
Jaane Kyoon Jaane Kyoon ?
Wonder why , wonder why ?

Jaane Kyoon Jaane Kyoon Jaane Kyoon ?
Wonder why , wonder why, wonder why  ?

Movie - Dil chahtha hai

Sunday, July 1, 2012

බැබළීම වගෙම....

 
බැබළීම වගෙම
බැසයාම අයිති සඳටයි
පිබිඳීම වගෙම
පරවීම අයිති මලටයි..
හැමදාම වගෙම මම තාම අයිති නුඹටයි......

රැවටෙන්න වගෙම
රවටන්න සිතක් නැතී
හංගන්න වගෙම
පෙන්වන්න කිසිත් නැතී
නුඹ දන්න තරම් මගෙ සිත..
වෙන දන්න කෙනෙක් ලොව මට හමුවෙලා නැතී

හිමි වන්න කියා
හමුවන්න හිතක් නැතී
පිංවන්ත හිතේ
විඳවන්න දුකක් නැතී
අදහන්න නමුත් හැකිවෙද......
නුඹ දුන්නේ නැතත් නුඹෙ හිත මගෙ ලඟම ඇතී.....


Artist - Karunarathna Divulgane

කඩමන්ඩියේ දොල අයිනේ...

 
කඩමන්ඩියේ දොල අයිනේ නුඹව පෙනේ
නැවතී බලනවා මොහොතක් කොහොම හරි
කතා නැතුව සිටියත් ගොලු වෙලා අපි
දාහක් දේ තිබේ කීමට බැරිව වැසී

ගහ කොළ වලට දාහක් ඇස් නැති හින්දා
සුළඟට සියුම් දාහක් කන් නැති හින්දා
කවදාවත්ම නුඹ මට නොලබෙන හින්දා
මුනිවත හොඳයි දෙබසින් දුක වැඞි හින්දා

සයුර මොටද දිය දෝතක් බොන්න බැරි
ඔරුව මොටද වතුරේ පැද යන්න බැරි
දෑස මොටද සිතු සේ දැක ගන්න බැරි
කුසුම මොටද ලං වී රොන් ගන්න බැරි

Artist - Nanda Malini