සඳුද අවදියෙන්
තරුද අවදියෙන්
මේ නිශාන්තයේ
ඔබ ළඟ නැති තව
දිනක් ගෙවී යයි
තනිවුන වසන්තයේ...
සීතල ඇතිරුණි මිහිරිය ළය මත
කොඳ කෙමි පිපිරුණි මධු පුරවා
උණුසුම දිසුනේ නෑ නෙත මානෙක
ඔබ ළඟ නැතිවම
අද මා තනිවම
සඳුද අවදියෙන්.........
පහන් නොදැල්වෙන ඔබෙ පැල්පත තුළ
නිදිමත අඩනෙතු පිය සනහා
මගේම කඳුළක් වී පිණි බිඳු ලෙස
ඔබෙ කවුළුව ළඟ පිපි මල් පෙති මත
සඳුද අවදියෙන්.........
Artist - Amarasiri Peiris

No comments:
Post a Comment